බ්‍රසීලයේ පවතින ලොව විශාලතම තෙත්බිම් කලාපය වන පැන්ටනල් (Pantanal) කලාපයට ලැව්ගිනි ආපදාවලින් දැඩි හානි සිදුවී තිබෙනවා.

මේ බව අනාවරණය කරගෙන ඇත්තේ චන්ද්‍රිකා දත්ත අනාවරණය කිරීම මඟින්.

මෙයට හේතු ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය වසරේදී වැසි සමය ප්‍රමාද වීම, නියඟය සහ අධික වියළි කාලගුණ තත්වයයි.

2023 වසරට සාපේක්ෂව පැන්ටනල් තෙත්බිම්වල ලැව්ගිනි සියයට 10කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරත් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් වසර ආරම්භයේ සිට ජුනි 05 වනදා දක්වා කාලය තුළ එම කලාපයෙන් වාර්තා වන ලැව්ගිනි ආපදා පෙර වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව සියයට 980කින් ඉහළ ගොස් ඇති බව චන්ද්‍රිකා දත්ත මගින් අනාවරණය වෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *