නීති විරෝධීව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 20,000ක් (කාටුන් 100) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ කටුනායක ගුවන්තොටුපළ ඒකකය විසින් සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *