සටන් විරාමයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සාකච්ජා ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක වු සටන් විරාමයේ පළමු අදියර හෙට (01) අවසන්වීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙවන අදියර ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඊජිප්තුවේ කයිරෝ අගනුවරදි සාකච්ජා ආරම්භ කළ බවයි.

එමෙන්ම දෙපාර්ශවය අතර සටන් විරාමය පසුගිය සතියේදී බිඳ වැටීමට ආසන්න මට්ටමේ පැවතියද ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 46 දෙනෙක් නිදහස් කිරිමත් සමග සටන් විරාමයෙන් ඉවත් නොවිමට හමාස් සංවිධානය එකඟතා පලකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *