වසර 10කට පසු අමෙරිකාවේ පළමු සරම්ප මරණය වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අමෙරිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ 2015 වසරෙන් පසු එරටින් වාර්තා වූ පළමු සරම්ප මරණය මෙය බවයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ටෙක්සාස් ප්‍රාන්තයේ දරුවෙක් බවයි එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වන විට ටෙක්සාස් සහ නිව් මෙක්සිකෝ ප්‍රාන්තවල වසංගයක් බවට පත්වී ඇති සරම්ප රෝගය එම ප්‍රාන්තවල පුද්ගලයන් 140කට අධික පිරිසකට වැලඳී ඇති බවද වාර්තා වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජීවිතක්ෂයට පත්වූ දරුවා සරම්ප එන්නත්කරණයට ලක්වී නැති බවත්, බරපතළ ලෙස රෝගාතුර වී මිය ගොස් ඇති බවයි.
එමෙන්ම මෑත වසර කිහිපය තුළ අමෙරිකාවේ මවුපියන් සිය දරුවන්ට රුබෙල්ලා එන්නත ලබාදීමෙන් වැළකී සිටීම නව ව්‍යාප්තියට හේතු වී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් චෝදනා එල්ල කරමින් පවසනවා.