ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට පැමිණ තිබෙනවා.
Destroyer වර්ගයට අයත් ‘ASAHI’ නෞකාව දිගින් මීටර් 151ක් හා නැව් මුළුව 202ක ගෙන් සමන්විත බවයි වාර්තා වන්නේ.
නාවික හමුදාව සඳහන් කළේ මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථානවල සංචාරය කිරීමටද නියමිතව ඇති බවයි.
ASAHI නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව හෙට (03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.