නිවෙස් බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙක් හෙරොයින් ග්‍රෑම් 260ක් සමඟ ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතුරුගිරිය පොලිස්වසමේ අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුමේදීයි.

අතුරුගිරිය පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 59ක් වන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *