මඩකලපුව දිස්ත්‍රික්කයට මාස කිහිපයක සිට පැවති දැඩි නියඟයෙන් අනතුරුව පසුගිය දින දෙක තුළ අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවතිනවා.

දිස්ත්‍රික් කාලගුණ විද්‍යා නිරීක්ෂණාගාරය වාර්තා කළේ සිකුරාදා (28) උදෑසන 8.30 සිට මාර්තු (1) උදෑසන 8.30 දක්වා පැය 24 තුළ දිස්ත්‍රික්කයට මිලිමීටර් 175.4ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

එමෙන්ම අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් නව කාත්තන්කුඩි, කාත්තන්කුඩි, ආරයම්පති, මඩකලපුව සහ කොක්කට්ටිචෝලෙයි ඇතුළු දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යට වී තිබෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් බොහෝ මාර්ග ජලයෙන් යටවී ඇති අතර, එමඟින් ප්‍රවාහන සේවාවන්ට දැඩි බලපෑමක් ද එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *