අස්වනු නෙළීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවී විනාශ වී තිබෙනවා.
ඒ පොලොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයට දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව මාදුරු ඔය, කුඩා ඔය පිටාර ගැලීමෙන් අරලගංවිල 503 කලාපය ඇතුළු යාය 6, යාය 5 යන ප්‍රදේශවලටයි.
මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව මහවැලි බී කලාපයේ 503 ප්‍රදේශයේ ගොවීහු සඳහන් කර තිබෙනවා.