ප්‍රංශයේ ජනාධිපති Emmanuel Macron ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර තිබෙනවා.

ඔහු විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මෙම තීරණය පිළිබඳව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා පැවති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහුගේ ප්‍රතිවාදිය වූ Marine Le Pen හට විශාල ජයග්‍රහණයක් ලැබීමත් සමඟ ඔහු මෙම තීරණය ගෙන තිබෙන බවයි.

ඒ අනුව පහළ මන්ත්‍රී ජාතික සභාව සඳහා වන මැතිවරණයේ පළමු වටය ජුනි මස 30 වනදා සහ දෙවන වටය ජූලි මස 07 වනදා පැවැත්වෙන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *