දින තුනකට අධික කාලයක් පුරා උතුරු ජපානයේ ඕෆුනාටෝ නගරයේ සහ ඉවාටේ ප්‍රදේශයේ පැතිරී යන ළැව් ගින්නෙන් අක්කර 5,200කට අධික භූමි ප්‍රමාණයක් විනාශවී තිබෙනවා.
එමෙන්ම ගොඩනැඟිලි සහ නිවාස 100කට අධික සංඛ්‍යාවක්ද ගින්නට බිලි වී ඇති බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දශක 3කට පසු ජපානය මුහුණ දෙන දරුණුතම ළැව් ගින්න මෙය බවත්, තත්ත්වය පාලනය
කිරීමට දෙදහසකට අධික ගිනි නිවන භටයන් රාජකාරියේ යොදවා ඇති බවයි.