මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් බවයි.
අදාළ සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබාදී ඇති බවට දැනට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව මිද්දෙණිය පොලීසිය සඳහන් කළා.