දරුණු ආහාර අර්බුදයකට මැදි වී සිටින අග්නිදිග ආසියාතික රටක් වන ලාඕසයේ ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් ඉන්දීය රජය අමෙරිකානු ඩොලර් මිලියනයක ප්‍රදානයක් ලබා දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෝක ආහාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන හවුල්කාරීත්ව අරමුදල මඟින් ලාඕසය ඇතුළු රටවල් රැසක දිගු කාලීන පෝෂණය සහ ආහාර පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි.
පසුගිය වසරේ ගෝලීය කුසගිනි දර්ශකයේ රටවල් 127ක් අතුරින් 87 වැනි ස්ථානයට පත්වූ ලාඕසයේ ආහාර අර්බුදය මැඬ පැවැත්වීමට සහාය වීම එම ව්‍යාපෘතියේ අරමුණ වී තිබෙනවා.