චීනයට අයත් ප්‍රහාරක ගුවන් යානා 45ක් සිය ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බවට තායිවානය චෝදනා එල්ල කර තිබෙනවා.
තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ ප්‍රහාරක ගුවන්යානා 45ක් සහ යුද නැව් 14ක් සිය මුහුදු සීමාවේදී නිරීක්ෂණය වූ බවයි.
එමෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් මස 11 වනදායින් පසු මේ දක්වා තායිවාන ගුවන් සහ මුහුදු සීමාව උල්ලංඝනය කළ
විශාලතම චීන හමුදා ගුවන් යානා සහ යුද නෞකා ප්‍රමාණය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.