පාකිස්තානයේ ප්‍රාන්ත දෙකක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරමාලාවකින් හමුදා සෙබළුන් 13දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවත් තවත් සෙබළුන් 34 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ බලුකිස්තානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය කාන්තාවක් විසින් සිදු කළ බවට තහවුරු වී ඇති අතර, මේවනවිටත් කිසිදු පාර්ශ්වයක් එහි වගකීම බාර ගෙන නැති බවයි..
කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහාරවල වගකීම පාකිස්තාන තලේබාන් සංවිධානයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක් විසින් බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.