රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඇති වන වැසි ස්වල්පයක් හැරුණු විට, දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු මැද පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *