ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

2025 ජනවාරි මාසය අවසන් වන විට මෙම අගය ඩොලර් මිලියන 6,065ක් ලෙස සටහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නිල සංචිත වත්කම්වල 0.5%ක සුළු වර්ධනයක් පෙබරවාරි මාසයේදී දැකගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 5,986 සිට ඩොලර් මිලියන 6,031ක් දක්වා 0.7%කින් 2025 පෙබරවාරි මාසය තුළදී ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *