දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් හෙට සහ අනිද්දා දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එහි සඳහන් වන්නේ විශේෂයෙන් අද(09) නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.