ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ග්‍රීසිය ඇතුළු යුරෝපා සංගමයේ රටවල් 13කින් ආක්‍රමණශීලී මදුරු විශේෂයක් සොයාගෙන තිබෙනවා.

යුරෝපයේ ඩෙංගු උණ වැඩිවීමට මෙම විශේෂය හේතු වී ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

දේශගුණික විපර්යාස මෙම “ව්‍යාඝ්‍ර මදුරුවා” ව්‍යාප්ත වීමට හිතකර පරිසරය නිර්මාණය කරන බව යුරෝපීය රෝග නිවාරණ සහ පාලන මධ්‍යස්ථානය (ECDC) පවසනවා.

මදුරුවන් බෝවිය හැකි උද්‍යානවල හෝ සඳළුතලවල එකතැන පල්වෙන ජලය ඉවත් කර රාත්‍රියේදී මදුරු දැල් භාවිත කරන ලෙස ජනතාවට උපදෙස් දී ඇති බව සඳහන්.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *