හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට සුමේධ රණසිංහ අද (09) සමත් වුණා.
ඒ දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන අදියරේදීයි.
එහිදී සුමේද රණසිංහ මීටර 85.78ක දක්ෂතාවක් දැක්වීමට සමත් වී තිබෙනවා.
මේ හේතුවෙන් ඔහු එළඹෙන සැප්තැම්බර් මාසයේදී ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියට ඍජුව සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.