ඇමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී විරෝධතාවක් පවත්වා තිබෙනවා.

ඒ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට විරෝධය පළ කරමින්.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබාදීම අවලංගු කිරීමටත් ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇති බවයි.

ඒ හේතුවෙන් එම ක්ෂේත්‍රයේ වෘත්තිකයන් රැසකට සිය රැකියා අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝහීදී විරෝධතාවේ නිරත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ විරෝධතාකරුවන් දහසක් පමණ ට්‍රම්ප්ට එරෙහි මෙම රැළියට එක්ව සිටි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *