මෙරට ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයන් 15දෙනෙක් පිටුවහල් කර තිබෙනවා.
මෙම ඉන්දීය ජාතිකයන් පිරිස යාපනය ප්‍රදේශයේ යම් ආගමික කණ්ඩායමක ප්‍රචාරණ කටයුත්තක සහ ලී මඩුවක කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් සියලුදෙනා කටුනායක ගුවන්තොටුපොළ මඟින් නොමිලේ ලබාදී තිබූ සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ තිබෙනවා.