බංග්ලා­දේ­ශයේ තහ­නම් කරනු ලැබූ අන්ත­වාදී ඉස්ලා­මීය කණ්ඩා­ය­මක් විසින් පව­ත්වනු ලැබූ රැලි­යක් විසු­රුවා හැරී­මට
පොලී­සිය කඳුළුගෑස් සහ බැටන් පොලු භාවිත කිරීම හේතු­වෙන් ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩකා අග­නු­වර බයි­තුල් මුක­රම් නමැති ප්‍රදේ­ශයේ පවත්වා ඇති එම රැලි­යට දහස් සංඛ්‍යාත පිරි­සක් එක්වී සිටි බවත්, එය විසු­රුවා හැරී­මේදී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලින් බොහෝ දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම ඉදි­රි­යේදී නැවත මෙවැනි පා ගමන් සිදු කරන්නේ නම් නීති­මය ක්‍රියා­මාර්ග ගන්නා බවට පොලි­සිය එම සංවි­ධා­න­යට දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *