හැටන් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තුවකට අදාළ සැකකාරියක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හැටන් දුම්රියපොළ අසලදී හැටන් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 31ක් වන කන්දෙගෙදර, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මෙම සැකකාරිය විසින් මුදල් සඳහා ආකර්ෂණීය පොලියක් ලබා දෙන බවට Facebook සමාජ මාධ්‍ය ජාලය මඟින් ප්‍රචාරය කර දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ 450කට ආසන්න මුදලක් ලබා ගෙන එම මුදල් නොදී සැඟව සිටි බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳව හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *