නොබෙල් සාම ත්‍යාගලාභී ලෝක ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වන මලාලා යූසුෆ්සායි වසර 13කට පසු යළි සිය උපන් බිම වන පකිස්ථානයට පැමිණ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ 27 හැවිරිදි වියෙහි පසුවන ඇය 2021 වසරේ ඔක්තෝබරයේදී තලේබාන් සංවිධානයේ සාමාජිකයෙක්ගේ වෙඩි පහරකින් හිසට දරුණු තුවාල සිදු වන විට ඇය 15 හැවිරිදි වියෙහි පසුවූ බවයි.
මලාලා යූසුෆ්සායි සිය පියා, සැමියා සහ සොහොයුරා සමඟ හෙලිකොප්ටරයකින් සිය ගම්මානය වෙත පැමිණි බවත්, ඇගේ මේ කෙටි සංචාරය අතරතුර පවුලේ ඥාතීන් දැක බලාගැනීමට සහ ඇය විසින් ආරම්භ කරනු ලැබූ මලාලා පදනම මගින් ඉදි කළ ෂංග්ලා කාන්තා උසස් විදුහල නැරඹීමටද ගොස් තිබෙනවා.
එමෙන්ම ඇගේ සංචාරය සඳහා දැඩි ආරක්ෂාවක් යොදා තිබූ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.