ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට බලපෑ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ලක්ෂ 3කට අධික ජනතාව අඳුරට ඇද දමා ඇති බවද, නිවාස, මහාමාර්ග සහ රථවාහන විශාල සංඛ්‍යාවක් විනාශයට පත් කර තිබෙනවා.
මෙවැනි සුළි කුණාටුවක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට කඩා වැදී ඇත්තේ වසර 51කට පසුවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නැඟෙනහිර වෙරළ තීරයෙන් කඩා වැදුණු සුළි කුණාටුවෙන් බ්‍රිස්බේන් නුවරට සහ ගෝල්ඩ් කෝස්ට් නුවරට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ගුවන්ගමන් වාර අත්හිටුවීමට හෝ ප්‍රමාද කිරීමට සිදුවූ බවයි.
එමෙන්ම පවතින තත්ත්වය මත එම ප්‍රාන්තයේ රජයේ පාසල් 426ක් අද (10) වසා දැමීමට තීරණය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.