මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙක් ඊයේ (10) බස් රථයෙන් ඇද වැටී මියගොස් තිබෙනවා.

ඒ රුවන්වැල්ල පොලිස් වසමේ හුඹස්වලාන ප්‍රදේශයේදීයි.

රුවන්වැල්ල දෙස සිට දන්නෝරුව දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකින් එම පුද්ගලයාව වැටී තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ හුඹස්වලාන, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

මරණකරු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාපුවරුවෙහි වාඩි වී ඇති බවත් ඒ සමඟම පාපුවරුවෙන් ඇද වැටී ඇති බවත් දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *