ශාරීරික අධ්‍යාපනය උගන්වන ගුරුවරයෙක් හදිසියේම ක්ලාන්ත වී බිම ඇදවැටීමෙන් පසුව මියගොස් තිබෙනවා.
ඒ යාපනය, නෙල්ලිඅඩි විද්‍යාලයේදීයි.
රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ යාපනයට පවතින අධික රස්නය නිසා මේ ගුරුවරයා විජලනයට පත්ව සිට ඇති බවයි.
ජීවීතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 47කවන පුද්ගලයෙක්.
ඔහු පේදුරුතුඩුව මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් ඔහු ප්‍රතිකාර ලබමින් සිටි අතරවාරයේ මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.