එලෝන් මස්ක්ට අයත් එක්ස් සමාජ මාධ්‍යජාලය ගෝලීය වශයෙන් බිඳ වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ට්විටර් නමින් හඳුන්වනු ලැබූ එම සමාජ මාධ්‍යජාලයට ප්රවේශවීමට නොහැකි බවට ලොව පුරා රටවල් රැසක එක්ස් ගිණුම් හිමියන් පැමිණිලි කර ඇති බවයි.
එක්ස් සමාජ මාධ්‍යජාලය බිඳ වැටීම සයිබර් ප්‍රහාරයක් බවට එලෝන් මස්ක් ප්‍රකාශ කර ඇති අතර, ඊයේ (11) ලොව ඇතැම් කලාපවල එක්ස් මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව එක්ස් සමාගම නිවේදනය කර තිබෙනවා.