සිසුවෙක් දණ ගස්වා සිසුවියක ලවා වේවැල් පහර දුන් බව කියන උපකාරක පන්ති ගුරුවරයෙක් වන යෝෂිත හෙට්ටිආරච්චිගේ විදෙස් ගමන් තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සිදුවන විමර්ශන වලට අදාළව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා මීට අදාළ විදෙස් ගමන් තහනම් ලබාගත් බවයි.

කෙසේ නමුත් මෙම උපකාරක පන්ති ගුරුවරයාගේ නීතිඥවරයෙක් ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණ එම ගුරුවරයා මේ වන විට විදෙස් ගතව ඇති බව දැනුම් තිබෙනවා.

ළමා රක්ෂණ අධිකාරිය විසින් එම උපකාරක පන්ති ගුරුවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට මෙහෙයුමක්ද දියත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *