ඉතාලියේ නාපෝලි නුවර ඊයේ (13) රිච්ටර් මාපකයේ 4.4ක භූකම්පනයක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ පොසෝලි සහ බග්නොලි වෙරළ තීරය ආසන්නයේ සිදුවී ඇති එම භූකම්පනයෙන් පසු අතුරු කම්පන 6ක් පමණ සිදුවූ බවයි.
භූකම්පනය හේතුවෙන් ජීවිත හානි සිදුවූ බවට තොරතුරු වාර්තා නොවූවද, ගොඩනැඟිලි රැසක් බිඳ වැටී ඇතැයි ද මෝටර් රථ ගණනාවක් විනාශ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
භූ කම්පනයත් සමඟ නගරයේ විදුලියද විසන්ධි වී තිබෙනවා.