නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් බෝතල් තොගයක් හා කරදමුංගු තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගුවන්තොටුපොළ පොලීසිය විසින්.

සැකකරු වයස අවුරුදු 29ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ගුවන්තොටුපොළ පොලීසිය සඳහන් කළා.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *