මාර්තු 17වනදා සිට 19දා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වාත්, මාර්තු 20වනදා මධ්‍යහ්න 12.00 දක්වාත් නාමයෝජනා භාර ගැනීම තේරීම් භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදුකරන බව මැතිවරණය කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්දයේ ඇප මුදල් භාර ගැනීම පසුගිය 03 දා ආරම්භ වූ අතර එය 19වනදා මධ්‍යහ්න 12.00න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ. එල්. රත්නායකගේ අස්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන්.

මහ නගර සභා 28ක්, නගර සභා 36ක්, ප්‍රාදේශීය සභා 272ක් සඳහා මහජන නියෝජිතයන් තෝරාපත් කරගැනීම සඳහා මෙම නිවේදනය නිකුත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *