ලංකාවේ දිනකට වකුගඩු රෝගය නිසා පුද්ගලයන් 5 දෙනෙක් මියයන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.

නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් 10%ක් දිගු කාලීන වකුගඩු රෝගයෙන් පෙළෙන බව කී 2023 වර්ෂයේ දත්ත සලකා බලන විට දිගුකාලීන වකුගඩු රෝගය ආශ්‍රිත රෝහල්ගත වීම් 213,448 ක් සහ මරණ 1626ක් වාර්තා වී ඇති බවයි.

2023 – 2024 වර්ෂවලදී රෝගීන් 6,582ක් රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලබාගෙන ඇති බවත්, රෝගීන් 1000ක් පරිතාන රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවත්, රෝගීන් 300කට වකුගඩු බද්ධ කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *