චීනයේ නිෂ්පාදිත TP1000 නම් මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේදී සිය පළමු ගුවන්ගමන සාර්ථකව දියත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි චීනයේ නිෂ්පාදිත ප්‍රථම මිනිසුන් රහිත මහා පරිමාණ ප්‍රවාහන ගුවන්යානාව බවයි.

‍ඩ්‍රෝන යානාවල ගුවන්ගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව චීනය මෙම ගුවන්යානය සම්පූර්ණයෙන්ම ස්වාධීනව පර්යේෂණ කරමින් නිෂ්පාදනය කර තිබෙනවා.

එමෙන්ම මෙම ගුවන්යානයෙන් ටොන් 01ක ධාරිතාවක් දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

සම්පූර්ණ බර ද සහිතව කිලෝමීටර් 1000ක දුරක් ගමන් කිරීමේ හැකියාව ද මෙම යානය සතුව පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ TP1000 යානය ලබන වසරේ සිට නිල වශයෙන් භාවිතා කිරීමට සැලසුම් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *