යාපනයේ කොකුවිල් රාමක්‍රිෂ්ණ විද්‍යාලයේ ගුරුවරියක් අමතර පන්තියකට පාසලට පැමිණ සිටි අවස්ථාවේ සිහිසුන්ව ඇද වැටීමෙන් පසු මියගොස් තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ප්‍රියදර්ශනී කනගරත්නම් නමැති 53 හැවිරිදි ගුරුවරියක්.
රෝහල් ආරංචි මාර්ගවලින් පවසන්නේ මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය නිසා ඇය විජලනයට පත් වී මිය ගොස් ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළි වූ බවයි.