මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 15 හැවිරිදි සිසුවියක් සිහිසුන්ව සිටියදී ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පොලීසිය ඊයේ (17) සොයාගෙන තිබෙනවා.
ඒ තලාතුඔය බෙල්වුඩ් හන්දිය ආසන්නයේදීයි.
සුවසැරිය ගිලන් රථයක් මඟින් ගලහ රෝහලට ඇතුළත් කළ සිසුවිය පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
මේ සිසුවියට පහරදීමක් හෝ ලිංගික අතවරයක් සිදු කර තිබේද යන්න තහවුරු කර ගැනීමට අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතයි.
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දියණිය රාත්‍රී නින්දට ගිය බවත් පසුදින ඇය කාමරයේ නොසිටි බවත් මව 119 අංකය අමතා දැනුම්දීමක් කර තිබෙනවා.
තළාතුඔය පොලීසිය සඳහන් කළේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන සිසුවිය කතා කිරීමට පවා නොහැකි මට්ටමක සිටින බවත් ඇය ලබාදෙන ප්‍රකාශ ඉදිරි විමර්ශනවලට ඉතා වැදගත් වන බවයි.