විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ මධ්‍යස්ථාන පරිශ්‍රයට බාහිර පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කර කිබියදී විභාග අපේක්ෂකයන්ගේ මවුපියන් පිරිස එම ස්ථානයේ රැඳී සිටීමට ඉඩ දෙන ලෙස කියමින් ශාලාධිපතිවරයාගේ රාජකාරීයට බාධා කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම කලහකාරී පිරිස ඉවත් කිරීමට පොලිස් නිලධාරීන්ට මෙන්ම විභාග කාර්ය මණ්ඩලයට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවූ බවත් පාසලෙන් පිටතට ගොස් මවුපියන් පිරිස නැවත කෑ කෝ ගසමින් විභාගයට බාධා වන ලෙසට හැසිරී ඇති බවයි.
මේ අතර, අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට මීගමුවේ අසිරීමත් දේවමතා මහා විද්‍යාලයෙන් පෙනී සිටින සිසු දරුවන්ට පැය භාගයකට වැඩි කාලයක් විභාගය පැවැත්වෙන ශාලා පරීශ්‍රයට ඇතුල්වීමට ඉඩ නොදුන් බව එම මවුපියන් පවසා තිබෙනවා.