2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පෙරේදා තීන්දු කළා.

අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ දේශබන්දු තෙන්නකෝන්ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

එවැනි පසුබිමක අද (19) පෙරවරුවේ ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *