සත්ව ගොවිපළක සේවය කරමින් සිටි තරුණයකු විදුලිසැර වැදිමෙන් ඊයේ (18) මරණයට පත්ව තිබෙනවා.
ඒ පුත්තලම තුනේ කණුව ප්රදේශයේදීයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොට්ටුකච්චිය පළුගස්වැව පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.
පොලිස් පරීක්ෂණවලින් වාර්තා වන්නේ අක්කර 70කට ආසන්න ගොවිපළ වටා විදුලි අලි වැටක් ඉදිකරමින් සිටි කාර්මිකයකුගේ අත් උදව්කරුවෙක් ලෙස මෙම තරුණයා කටයුතු කරමින් සිටියදි ප්රධාන විදුලි පද්ධතියෙන් ලබා දී තිබූ විදුලි වයරයකින් විදුලිසැර වැදී මෙම අනතුර සිදුව ඇති බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පුත්තලම පොලීසිය සඳහන් කළා.