මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් ගගනගාමීන් රැගත් කැප්සියුලය අද (19) අලුයම යළි පෘථිවියට ළඟා වී තිබෙනවා.

ඒ පැය 17ක පමණ අභ්‍යවකාශ ගමනකින් පසුවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් රැගත් ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය ආසන්න මුහුදට සාර්ථක ගොඩබැස්වූ බවයි.

පසුගිය වසරේ ජූනි මාසයේදී ගගනගාමීන් දෙදෙනා දින 08ක මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශයට ගිය අතර යානයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දින 286ක් ඔවුන්ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටීමට සිදු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *