ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් ඊයේ (18) රාත්‍රියේ අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ පැල්වැහැර ප්‍රදේශයේදීයි.

අනතුර සිදුවීමට පෙර සිදු වූ අනතුරක් වළක්වා ගැනීම සඳහා ත්‍රිරෝද රථය එකවරම මාර්ගයේ දකුණු පසට හැරවීමේදී විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ විදෙස් ජාතික පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් වූ නෙදර්ලන්ත ජාතික කාන්තාවක්.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර දඹුල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *