හෙරොයින් කිලෝග්‍රෑම් 33කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේදීයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කළ වැටලීමකදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවන ඌරුගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *