ආහාර නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වල නිරතවී සිටින පුද්ගලයන්ට උණ සන්නිපාතය වෙනුවෙන් විශේෂ එන්නතක් ලබාදීම ආරම්භ කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම එන්නත ලබා දෙන බවයි.

ඉදිරියේදී ආහාර නිෂ්පාදනය ආශ්‍රිතව සේවාවල නිරතවීමට අපේක්ෂා කරන සේවකයන් උණ සන්නිපාතය එන්නත ලබා ගෙන ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් වීමද අනිවාර්ය බව ඔහු ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *