ශ්‍රී ලංකා පොලීසියේ 161 වැනි පොලිස් විරු අනුස්මරණ දිනය අදට (21) යෙදී තිබෙනවා.
පොලිස් විරු අනුස්මරණ දිනය මෙවර අභිමානයෙන් සැමරීම වෙනුවෙන් මියගිය පොලිස් නිලධරයන්ගේ පවුල්වල සාමාජිකයන් 30 දෙනෙක් සහ පූර්ණ ආබාධිතභාවයට පත් වූ පොලිස් නිලධරයන්ගේ පවුල්වල සාමාජිකයන් 20 දෙනෙක්ට මුදල් ත්‍යාග වවුචර්පත් දීමටත් සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සුරතින්.