දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 39 වැනි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත්වීම් ලැබූ රුක්දේවී ප්‍රනාන්දු ඊයේ (20) නිල රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් අමාත්‍ය මණ්ඩලය මඟින් නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වශයෙන් රුක්දේවී ප්‍රනාන්දු පත් වී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවක් පරිදියි.