ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දැමීමේ නියෝගයකට අත්සන් තබා තිබෙනවා.

එම නියෝගයට අත්සන් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉක්මනින් වසා දමන බවයි.

ඔහු පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේදී කළ පොරොන්දුවකට අනුව මෙම නියෝගයට අත්සන් තබා තිබෙනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඇමරිකාව අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *