ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස රැගෙන ආ කේරළ ගංජා කිලෝ 350කට ආසන්න ප්‍රමාණයකින් යුත් පාර්සල් 154ක් පොලීසිය විසින් අද (22) අළුයම සිය භාරයට ගෙන තිබෙනවා.

යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලීසිය හා එක්ව සිදුකළ වැටලීමකදී මෙම තොගය සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න බව පොලීසිය පවසනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පේදුරුතුඩුව පොලීසිය විසින් සිදු කරන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *