ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15දෙනෙක් ඇතුළු 76දෙනෙක් ඊයේ (23) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළදීයි.
මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් නීතිවිරෝධී මත් ද්‍රව්‍ය පානය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට්ද සොයා ගෙන ඇති බවයි.