ගෙවුණු වසර 05 තුළ මෙරට දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි ගණනකින් පහළ ගොස් තිබෙන බව නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.

එමෙන්ම මරණ සංඛ්‍යාව ද සැළකිය යුතු මට්ටමෙන් ඉහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙම තත්ත්වය මත මහලු ප්‍රජාව වැඩි වී තරුණ ප්‍රජාව අඩු වීම හරහා රටේ ශ්‍රම බලකායේ අඩුවක් සිදු විය හැකි බව ඔවුන් පවසනවා.

2023 වසරේදී මෙරට තුළ සිදු වී ඇති දරු උපත් සංඛ්‍යාව දෙලක්ෂ හතළිස් හත්දහසකින් පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *