බොරැල්ල පොලිස් වසමේ ඕවල් ක්‍රිඩාංගණය අසලදී ජීව පතරොම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (22) රාත්‍රී කාලයේදී එම සැකකරු බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත බවයි.

සැකකරු සන්තකයේ තිබී T-56 ජීව පතොරම් 07ක් සහ LMG පතොරම් 01ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඔහු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *